Blogroll

About This Blog

Search

Friday, June 28, 2013

මල් මාවත (1)


මම පහුගිය දවසක මගේ යාලුවෙක්ට ඕන වුන නිසා හිතට සැනසුම දෙන උපදෙස් තියෙන වෙබ් එකක් හරි 
බ්ලොග් එකක් හරි google එකේ හෙව්වා සිංහල භාශාවෙන් ලියවුන. ඒත් කිසිම දෙයක් මට හොයාගන්න 
බැරි වුනා. මම හිතුවා ඇත්තටම කවුරු හරි කෙනෙක් එහෙම එකක් ලියනවනම් එහෙම හොයන කෙනෙක්ට 
ලොකු ප්‍රයෝජනයක් වෙයි කියලා.

මම වෙනත් වෙබ් අඩවියක් සදහා මීට කලකට කලින් ලියපු ලිපි පෙලක් සමඟ අලුතින් ලිපි පුංචි 

කුමාරිහාමිගේ වලව්වේ පළ කරන්න හිතුවේ ඒ අදහසින්. මගේ අදහසට ඔයාල එකඟ වෙයිද මම දන්නේ 
නෑ. කියවල බලල අදහස් කියන්න. මම ඒ ලිපිපෙල "මල් මාවත" කියලා නම් කරන්න හිතුවා. අද ඉදන් මම 
ඉඩ ලැබෙන වෙලාවට ඔයාලත් එක්ක මල් මාවතේ සැරිසරනවා.

එන්න ඇවිදින්න මාත් එක්ක මල් මාවතේ.




වටිනාකමට වැඩියෙන් ගෙවීම




ඔබ ජීවිතයේ කවදා හරි දිනක කිසියම් දේකට නියම වටිනාකමට වඩා ගෙවා තිබෙනවාද කියාමා ඇසුවොත් 

ඔබේ පිළිතුර කුමක්ද.

හැම කෙනෙක්ම ජීවිතේ කවදා හෝ දිනක එසේ කර තිබෙනවාට සැකයක් නෑමේ වටිනාකමඔබ මුදලින් 
වගේම ජිවිතයෙන් හා සිතුම් පැතුම්වලිනුත් ගෙවා දැමුවා විය හැකියි.

මම උදාහරණයක් කියන්නම්ඔබ කඩයක් අසලින් යන විට ඉතා ලස්සන කොණ්ඩා කටුවක්දකිනවා.
 ඔබ ඇතුළට ගොස් මිල විමසන විට වෙළද සේවිකාව ඉතා සුහදව පිළිගෙනකොණ්ඩාකටුව ගැන විශාල 
වර්ණාවක් කර එය ඔබට අලවි කරනවාතරමක් මිල වැඩි උණත්එහි ලස්සනටත් වර්ණාවත් නිසා ඔබ එය 
මිලදී ගන්නවා.  

වෙනත් දිනයකදි ඔබ එය පැලැද සිටින විට ඔබේ මිතුරියක්ද එම කොණ්ඩාකටුව වගේම එකක්පැළද සිටින

 විට ඔබ එය ගැන විමසනවාඇය එය මිලදී ගත් මුදල ඔබට පවසන විට ඔබට අදහාගැනීමට නොහැකි 
වන්නේ ඔබ එකම කොණ්ඩාකටුවට ඔබ නියම වටිනාකමට වඩා තුන්ගුණයක් ගෙවා තිබීම ගැන.




මෙහෙම සිද්ධියක් වුණාම අපේ සිත්වල ලැජ්ජාව,කලකිරීම වගේම වෛරයක් ඉබේමඇතිවෙන 
ස්වභාවිකයිසමහර විට හඩා වැලපෙන්න තරම් තරහක් එන්න පුළුවන්.



කොණ්ඩ කටුවට වගේම ජීවිතයේ සමහර දෙවල් වලට අපි මොනතරම් වැඩි වටිනාකමක්ගෙවලා ඇද්ද

අපේ ජීවිතේට සමීපව හිටි කෙනෙක් හදිසියේම අපෙන් ඈත්වෙනවා.පෙම්වතෙක් එහෙමත් නැත්නම් 


ලඟම යහළුවෙක් යෙහෙළියක්එයා අපෙන් ඈත්වුණාමසමහර විට අපිට හිතෙන්න පුළුවන් මේ ලොකේ

තිබ්බ වටිනම දේ අපිට නැතිවුනා කියලා.

ගනී අපි නොවටිනා දේකට නේද වැඩි වටිනාකමක් ගෙවලා තියෙන්නේ කියලා.
"කාන්තාව ස්වභාවයෙන්ම ළඳ බොළඳයි එය ඇත්තක්.නමුත් ඕනෙම පුංචි දේකට හඬාවැටෙන ගැහැණු 



සිතක් විශාල හිත්වේදනාවක් දරාගන්න තරම් ශක්තිමත්".


ඔබ දන්න විදියට අපි ජීවත්වෙන යුරෝපයේ කාන්තාවන් අපේ ආසියාතික කාන්තාවන්ට වඩාබොහෝ 
සෙයින් ශක්තිමත් හිත් ඇති අයඅපේ රටවල අප බැහැයි කියා අතහරින බොහෝ දෑමේ  රටවල 
කාන්තාවන් කිසිම පැකිලීමකින් තොරව ඉටු කරනවා ඔබ දැක ඇති.


මට කියන්න අවශ් වුණේ අපේ රටේත් ආසියාවෙත් කාන්තාවන් බොහෝ විට ජීවත්වන්නේඅනුන් මත 
යැපෙන මානසික තත්වයකින්මා අදහස් කරන්නේ අපේ සදාචාරය හා හැදියාවනැති කරගන්න කියා 
නෙමෙයි කිසිසේත්මඅපි බොහෝ විට සැමියා හෝ පෙම්වතා අපෙන්ඉවත් වූ විට එසේ නොමැති නම් අපි 
තරුණ ගැහැණු ළමයෙක් නම් බාරකාරයෙක් නොමැතිවූවිට සිතන්නේ ජීවිතය එතැනින් නැවතුණා කියලයි.


මොහොතකට සිතන්නඅපේ ජීවිතේ අයිති අපිට එහි පාලකයා අපිම මිසක් වෙන කෙනෙක්නෙමෙයි
අපේ සිත්වලට ජීවිතයට ලන්වෙන අයට සම්පූර්ණයෙන්ම අපේ ජීවිත වලඅයිතිකාරයන් වෙන්න බෑඅපි 
හැරෙන්න අපේ ජීවිතවලට වෙන වගකිය යුත්තෙකුත් නෑ.



ඔබ ලංකාවෙන් පිටවි විදෙස් රටක තනිවම ජීවත් වෙන කෙනෙක් වෙන්නත් පුළුවන් එසේ නොමැතිනම් රැකියාව හෝ ඉගෙනීම සඳහා නිවසින් පිටව තනිවම ජීවත් වන යුවතියක් විය හැකියි. එතැනදී ඔබේ 
සම්පූර්ණ වගකීම තිබෙන්නේ ඔබට මිසක් වෙන කිසිවෙකුට නොවෙයි.එනිසා කල්පනාවෙන් කටයුතු කරන්න. 



යුවතියන්ට පමනක් නොවෙයි ඕනේම මනුස්ස්යෙක්ට ජීවිතේදී අපි සිතනවාට වඩා වැඩි වටිනාකමක් සමහර දේවල් වලට ගෙවා තිබිය හැකියි. බොහෝ විට මෙය සිදුවන්නේ අපට ලංවීමට හෝ අයිති කරගැනීමට බැරි සමහර දේවල් වලට අප විසින්ම මානසිකව මිලක් තීරනය කිරීම තුලින්. එහෙත් නිදහ
සේ

 සැනසිල්ලේ කල්පනා කර බැලූවිට අප විසින් දී තිබෙන වටිනාකම ඒ දෙයට හෝ පුද්ගලයාට සැබවින්ම බොහෝ වැඩියි.



එබැවින් මොහොතක් සිතන්න..
අඩු වටිනාකම් සහිත සමහර දෑවලට වැඩි වටිනාමක් ගෙවා ජීවිතය නිකරුණේ ගෙවා දමනවාදඑසේත් 

නොමැතිනම් සෑම දෙයකටම නියමිත වටිනාකම ගෙවනවාද කියා..

නැවත හමුවෙමු

0 comments:

Post a Comment

New Block

Enter Block content here...

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Etiam pharetra, tellus sit amet congue vulputate, nisi erat iaculis nibh, vitae feugiat sapien ante eget mauris.

Followers